විමර්ශන කමිටු වාර්තාව ජනාධිපති ලේකම්ට....

ජූලි 31, 2022

    හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ජපාන සමාගමකින් අල්ලසක් ඉල්ලූ බවට, පළවූ වාර්තා සම්බන්ධයෙන් විමර්ශනය කළ කමිටුවේ වාර්තාව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට අද බාරදුන්නා.

    හිටපු අමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පරීක්ෂණ කමිටුව පත්කරනු ලැබුවා. පසුගිය රජයේ අමාත්‍යවරයෙක්ව සිටියදී නිමල් සිරිපාල ද සිල්වා මහතා ජපානයේ තයිසේ සමාගමෙන් අල්ලසක් ඉල්ලූ බවට විවිධ මාධ්‍ය ඔස්සේ වාර්තා පළවුණා. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන මෙන් හිටපු අමාත්‍යවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා. ඒ අනුව හිටපු මහාධිකරණ විනිසුරු ජනාධිපති නීතිඥ කුසලා සරෝජනී වීරවර්ධන, විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ සහ එස්.එම්.ජී.කේ පෙරේරා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත කමිටුව පසුගිය 22 වැනිදා පත්කරනු ලැබුවා. වාර්තාව බාරදුන්නේ ජනාධිපති කාර්යාලයේදී.

    Latest News