ලංගමයෙන් ඉන්ධන ලබා ගෙන ඒවා අලෙවිකරන පෞද්ගලික බස් රථවලට වැඩ වරදී...

ජූලි 29, 2022

    ලංකා ගමනාගමන මණ්ඩලයෙන් ඉන්ධන ලබා ගෙන ධාවනයෙන් ඉවත්ව ඒවා අලෙවි කිරීමේ නිරත පෞද්ගලික බස් රථවල ධාවන බලපත්‍රය අවලංගු කරන ලෙස, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. 

    පසුගියදා පැවති රැස්වීමකදී අනාවරණය වූයේ, ලංගම ඩිපෝවලින් දිනකට බස් රථ 5,000 කට පමණ ඉන්ධන ලබා දෙන බවයි. එහෙත්, මගී ජනතාවට නිසි ලෙස සේවය සපයන්නේ, ඉන්  70% ක පමණ බස් රථ ප්‍රමාණයක් බව ද හඳුනාගෙන තිබෙනවා. අනෙකුත් බස් රථ ඉන්ධන අලෙවි කිරීමේ ජාවාරමේ නිරතව සිටින බවටයි, තහවුරු කර ගෙන ඇත්තේ. මේ තත්වය මැඩලීමේ අරමුණින් අමාත්‍යවරයා එවැනි බස් රථවල මාර්ග බලපත්‍රය අවලංගු කිරීමට අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

    Latest News