"ඔලුවිල් ධීවර වරාය" ජනතා අයිතියට...

ජූලි 29, 2022

    "ඔලුවිල් ධීවර වරාය" අද (29) ජනතා අයිතියට පත් කෙරුණා.

    ඒ, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ ප්‍රධානත්වයෙන්. මුස්ලිම් කොංග්‍රසයේ හිටපු නායක, එම් එච් එම් අෂ්රොෆ් මහතා නාවික කටයුතු අමාත්‍යවරයාව සිටි අවධියේ "ඔලුවිල් ධීවර වරාය" ඉදිකිරීම් ආරම්භ කෙරුණා. එහි ඉදිකිරීම් තාවකාලිකව නවතා දමා තිබූ අතර, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ මගපෙන්වීම යටතේ එය යළි ආරම්භ කිරීමට පියවර ගැනුණා. බහුදින ධීවර යාත්‍රා ඇතුළු යාත්‍රා 300 කට පමණ මෙමගින් සෙත සැලසෙනවා. වසරකට මත්ස්‍ය අස්වැන්න මෙට්‍රික් ටොන් 20,000 ක් පමණ ලබා ගැනීමට ඉන් අපේක්ෂිතයි.

    Latest News