අධිකරණ නියෝග කඩමින් බණ්ඩාරණායක පිළිරුව අසළ සිටි සැකකරුවන් රිමාන්ඩ්

ජූලි 27, 2022

    අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් ගාලුමුවදොර බණ්ඩාරනායක පිළිරුව අසළ මීටර් පනහේ සීමාව තුළ රැඳී සිටියදී අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා ලබන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.  

    කොටුව පොලිසිය මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරිණ. 

    ඉන් අනතුරුව පොලිසිය කළ ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා එම සැකකරුවන් ලබන 29 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේ්‍ය. 

    බණ්ඩාරනායක පිළිරුවට හානි කිරීමේ සූදානමක් පවතින බවට පොලිසිය විසින් ඉකුත්දා අධිකරණය හමුවේ කරුණු දැක්වීමෙන් අනතුරුව එම පිළිමය පිහිටි ස්ථානයේ සිට මීටර් 50ක සීමාව තුළ රැඳී සිටිම වළක්වාලිය කොටුව මහේස්ත්‍රාත් විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබිණ. 

    Latest News