හදිසි නීති විවාදය අද පාර්ලිමේන්තුවට

ජූලි 27, 2022

    අද (10) පෙරවරුවේ පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.

    ඒ අනුව, මහජන ආරක්ෂක පනත යටතේ වැඩබලන ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කරන ලද හදිසි අවස්ථා ප්‍රකාශනය අද පාර්ල්මේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    2022 ජුලි 17 දිනැති අංක 2288/30 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් එවකට වැඩබලන ජනාධිපතිවරයා විසින් හදිසි නීතිය ප්‍රකාශයට පත් කළ අතර නෛතික ප්‍රතිපාදන අනුව එම හදිසි අවස්ථා ප්‍රකාශනය සඳහා දින 14 ක් තුළ පාර්ලිමේන්තුවේ අනුමතිය ලබා නොගතහොත් එය අවලංගු වෙයි.

    අද පස්වරුවේ ඒ සම්බන්ධයෙන් වන ඡන්ද විමසීමද පැවැත්වීමට නියමිතයි.

    මේ අතර  රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිධුරයේ දිවුරුම් දීම නිසා පුරප්පාඩු වූ එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සදහා මැතිවරණ කොමිෂන් සභාව විසින් නම් කළ වජිර අබේවර්ධන මහතා අද පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට නියමිත බවත් වාර්තා වෙයි.

    Last modified on බදාදා, 27 ජූලි 2022 08:04

    Latest News