ජුනි මාසයේ උද්ධමනය සියයට 58.9 දක්වා ඉහළට - මහ බැංකුව

ජූලි 22, 2022

    ජුනි මාසයේ උද්ධමනය සියයට 58.9 දක්වා ඉහළ ගොස් ඇතැයි,  ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

    එය ඉකුත් මැයි මාසයේ පැවතියේ සියයට 45.3 ක් ලෙසයි.  ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය මෙලෙස ඉහළ ගොස් ඇත්තේ ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහි මිල ගණන්වල සිදු වූ මාසික ඉහළයාම් නිසා බවයි, මහ බැංකුව පෙන්වා දෙන්නේ. මැයි මාසයේ සියයට 58 ක් ව පැවති ආහාර කාණ්ඩයේ මිල වැඩි වීම, ජුලි මාසයේ සියයට 75.8 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

    සියයට 34.2 ක් වූ ඉකුත් මැයි මාසයේ ආහාර නොවන කාණ්ඩයේ මිල වැඩි වීම ජුනි මාසයේ දී සියයට 43.6 ක් දක්වා ඉහළ ගොස් ඇති බවද මහ බැංකුව පෙන්වා දෙනවා. ආහාර කාණ්ඩය තුළ සහල්, එළවලු, නැවුම් මත්ස්‍ය, සීනි, කිරි පිටි සහ කරවල යන භාණ්ඩවල මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා. ආහාර නොවන කාණ්ඩය තුළ පෙට්‍රල් , ඩීසල්, බස් ගාස්තු, ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ සහ ගෘහ ඒකක නඩත්තුව, ආපන ශාලා මෙන්ම හෝටල් යන කාණ්ඩවල මිල ඉහළ යාම කැපීපෙනෙන බවයි, ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ.

    Latest News