සමන් ඒකනායක මහතා ජනාධිපති ලේකම් ධුරයට...

ජූලි 21, 2022

    සමන් ඒකනායක මහතා ජනාධිපති ලේකම්වරයා ලෙස, පත් කර තිබෙනවා.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කිරීම සිදු කරනු ලැබුවා. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ පරිපාලන නිලධාරියෙකු වන සමන් ඒකනායක මහතා, අග්‍රාමාත්‍ය ලේකම් තනතුර ද කිහිප වරක් උසුලනු ලැබුවා. පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ප්‍රථම උපාධිය ලබා ගත් ඔහු, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රාජ්‍ය පරිපාලනය පිළිබඳ පශ්චාද් උපාධිය ලබා ගෙන තිබෙනවා. ඔහුගේ සේවා කාලය තිස් වසරකට අධිකයි. යෞවන කටයුතු, ක්‍රීඩා, සමෘද්ධි, නිවාස හා කර්මාන්ත යන අමාත්‍යාංශ ගණනාවක තනතුරු ඉසුලූ සමන් ඒකනායක මහතා, මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ හා ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ සේවය කර තිබෙනවා.

    Latest News