ලොව පුරා MS TEAM බිඳ වැටේ

ජූලි 21, 2022

    අධ්‍යාපන කටයුතු හා දුරස්ථ හමුවීම් සඳහා බහුලව භාවිත ‍කෙරෙන MS TEAM මෘදුකාංගයේ සම්බන්ධතා බිඳවැටී තිබෙනවා.

    මයික්‍රොසොෆ්ට් සමාගම මේ වන විට එම ගැටලුව නිරාකරණය කළ හැකි ක්‍රම පිළිබඳ අවධානය යොමු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

    මයික්‍රොසොෆ්ට් සමාගම උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ, ගෝලීය වශයෙන් පරිශීලකයන්ට මෘදුකාංගය වෙත ප්‍රවේශ වීමේ ගැටලුවක් සම්බන්ධයෙන් මේ වන විට පැමිණිලි ලැබෙමින් පවතින බවයි. දැනට පැමිණිලි 4800 කට වඩා ලැබී තිබෙනවා. පරිශීලකයින් කොපමණ සංඛ්‍යාවකට බාධා සිදුව තිබේදැයි සමාගම තොරතුරු සොයමින් සිටිනවා. මෘදුකාංග හා එහි සම්බන්ධතා යථා තත්වයට පත් කිරීමට සමාගම කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

    Latest News