වැඩබලන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක් (වීඩියෝ)

ජූලි 18, 2022
  • ඩීසල් තොග සුරක්ෂිත කර බෙදාහරින අතර ජූලි 21වැනිදා සිට පෙට්‍රල් ද බෙදා හැරීමට නියමිත බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කරයි.



    විශේෂ ප්‍රකාශයක් කරමින් වැඩබලන ජනාධිපතිවරයා මේ බව පැවසීය.

    වික්‍රමසිංහ මහතා කියා සිටියේ මැයි 13 වැනිදා තමන් අග්‍රාමාත්‍යවරයා ලෙස වැඩ භාර ගන්නා විට දිනකට පැය 5ක විදුලිය විසන්ධි කරමින් ආර්ථිකය කඩා වැටී තිබූ බවයි.

    එතැන් සිට මාස දෙකක කාලය තුළ විදුලිය කප්පාදුව දිනකට පැය 3 දක්වා අඩුකර ගොවි ජනතාවට පොහොර ලබාදී රටේ ගෑස් හිඟයට විසඳුම් ලබාදුන් බව වැඩබලන ජනාධිපතිවරයා පැහැදිලි කළේය.


    ජූලි මාසය ඉන්ධන සැපයීමේ දුෂ්කර කාල පරිච්ඡේදයක් වනු ඇති බව අවසන් මොහොතේ තමා පැහැදිලි කළ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

    කෙසේ වෙතත්, ඩීසල් තොග සුරක්ෂිත කර බෙදාහරින අතර ජූලි 21 වැනිදා සිට පෙට්‍රල් ද බෙදා හැරීමට නියමිත බවයි වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කළේය.

    Last modified on සදුදා, 18 ජූලි 2022 16:30

    Latest News