කොළඹ ප්‍රදේශ කිහිපයකට හදිසි ජල කප්පාදුවක්

ජූලි 07, 2022

    සම්ප්‍රේශන නලයක සිදුවූ බිඳවැටීමක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (08) උදෑසන කාලය දක්වා ජල සැපයුම අත්හිටුවීමට ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර තිබේ.

    ඒ අනුව කොළඹ 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවා ඇති අතර කොළඹ 01 ප්‍රදේශයේ අඩුපීඩන ජල සැපයුම යථා තත්ත්වයට පත්කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇත.

    හෙට උදෑසන 6.00 වන විට ජල සැපයුම යථා තත්ත්වයට පත්කිරීමට හැකි වනු ඇති බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.

    Latest News