ජනපති පාර්ලිමේන්තුවට

ජූලි 05, 2022

    ‍‍ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා අද පෙරවරුවේ පාර්ලිමේන්තු සැසි වාරයට සහභාගී වුණා.

    පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණි ජනාධිපතිතුමා පිළිගනු ලැබුවේ, සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා සහ ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්  විසින්.

    පවතින ආර්ථික ගැටලුවට යෝජිත විසඳුම් සහිත මාර්ග සිතියම අග්‍රාමාත්‍යතුමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටින අවස්ථාවේ සභා ගර්භය වෙත පිවිසි ජනාධිපතිතුමා, අනතුරුව එම කථාවට සවන් දුන්නා.

    Latest News