කරදරවලට මුහුණපෑ කුවේට් ශ්‍රමිකයින් 18 ක් යළි දිවයිනට

මාර් 11, 2019

    කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් විවිධ කරදරවලට ලක්වූ කාන්තාවන් 16ක් හා පිරිමි ශ්‍රමිකයින් දෙදෙනෙකු ඇතුළු 18 පිරිසක් අද උදෑසන දිවයිනට පැමිණියේය.

    ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හා කුවේට් තානාපති කාර්යාලයේ මැදිහත්වීම 6.15ට (2019-03-11) ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ඹඛ 230 දරණ ගුවන් යානයෙන් ඔවුන් මෙරටට ලගා විය.

    දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් වන මෙම ශ්‍රමිකයින් සේවා ගිවිසුම ඉක්මවීම, සහ රැකියා ස්ථානයේ සිදුවූ විවිධ කරදර හේතුවෙන් සුරක‍ෂා නිවාසයට පැමිණ ඇත. මෙසේ පැමිණි ශ්‍රමිකයින් අතුරින් ශ්‍රමිකයින් 13 දෙනෙකු සඳහා ගමන් ගාස්තු කාර්යාංශයේ සහන පියස සුභසාධන මධ්‍යස්ථානය මගින් ලබාදී තිබේ.

    කුවේට් තානාපති කාර්යාලයේ කම්කරු අංශය මගින් පවත්වාගෙන යනු ලබන සුරක්ෂා නිවාසයේ මේ වන විට ශ්‍රමිකයින් 129 දෙනෙකු රැදී සිටින අතර, ජනවාරි සිට මේ දක්වා එහි රැදී සිටි ශ්‍රමිකයින් 212 පිරිසක් දිවයිනට ගෙන්වා ගෙන තිබේ.

    Last modified on සදුදා, 11 මාර්තු 2019 14:59

    Latest News