බොරැල්ල රථවාහන OIC ට ජනපති සහ අගමැතිගෙන් අවසන් ගෞරව

මාර් 11, 2019

    බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ආනන්ද සරච්චන්ද්‍ර මහතාගේ දේහයට ජානාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද අවසන් ගෞරව දක්වා තිබේ.

    ඒ දෙහය තැන්පත් කර ඇති ජයරත්න අවමංගල්‍ය ශාලාවට ගොසිනි. අවසන් කටයුතු අද (11) පවස්වරු 4.00 බොරැල්ල කනත්තේදී සිදු කෙරේ.

    ඉකුත් 24 වැනිදා බම්බලපිටිය ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් බරපතල තුවාල ලැබූ ඒ මහතා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය සෙනසුරාදා රාත්‍රී මිය ගියේය.

    pm

     

    Last modified on සදුදා, 11 මාර්තු 2019 15:41

    Latest News