බැඳුම්කර වෙන්දේසියෙන් රුපියල් බිලියන 142කට අධික මුදලක්....

ජූනි 28, 2022

    ශ්‍ර‍ී ලංකා මහ බැංකුව අද (28) පැවැත්වූ බැඳුම්කර වෙන්දේසියකදී රුපියල් බිලියන 142කට අධික මුදලක් රැස්කිරීමට සමත්ව තිබෙනවා.

    කාණ්ඩ 03ක් යටතේ භාණ්ඩාගාර බැඳුම්කර, වෙන්දේසියට ඉදිරිපත් කර තිබුණා. ඒ, සියයට 17 සිට 18 දක්වා වූ, පොළී අනුපාත යටතේ. පළමු කාණ්ඩයේ බැඳුම්කර 2025 ජූනි පළමුවැනිදා දිනද, දෙවැනි කාණ්ඩය 2028 ජනවාරි 15වන දින ද 03වන කාණ්ඩය 2031 වසරේ මැයි මස 15 වන දිනට කල්පිරීමට නියමිතයි. දේශීය බැංකු ඇතුළු මුල් පෙලේ ආයතන කිහිපයක් වෙන්දේසියට ලංසු ඉදිරිපත් කර තිබුණා.

    Latest News