“සේනා දළඹු“ වන්දි දීම ආරඹේ

මාර් 10, 2019

    සේනා දළඹු උවඳුරින් විනාශ වූ බඩ ඉරිඟු වගා සඳහා වන්දි ලබාදීම අද ආරම්භ කෙරිණ. ඊට රජය වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 250ක්.

    වන්දි ලබාදීමේ වැඩසටහන අද ආරම්භ කෙරුණේ, අම්පාර දිස්ත්‍රික්කයෙන්. වගා බිම් හානිවූ ගොවීන් 307 දෙනෙකුට වන්දි ලබාදීම පී.හැරිසන් සහ දයා ගමගේ යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.

    බෙදාදුන් මුදල රුපියල් මිලියන 16ක්. හෙක්ටයාර් 7,482ක බඩ ඉරිඟු වගාව සේනා දළඹු උවඳුරෙන් විනාශ වී තිබේ. අනෙකුත් දිස්ත්‍රික්කවල විනාශ වූ බඩ ඉරිඟු වගා සඳහා වන්දි ලබාදීම ඉදිරියේ දී සිදු කරන බව අමාත්‍ය පී. හැරිසන් මහතා කියා සිටියේය.

    Last modified on ඉරිදා, 10 මාර්තු 2019 19:31

    Latest News