අභාවප‍්‍රාප්ත කේ.පී. සිල්වා මහතාගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

මාර් 09, 2019

    අභාවප‍්‍රාප්ත ශ‍්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ප‍්‍රධාන ලේකම් කේ.පී. සිල්වා මහතාගේ දේහයට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අද (09) පස්වරුවේ අවසන් ගෞරව දැක්වීය.

    දේහය තැන්පත් කර ඇති බොරැල්ල පෞද්ගලික මල් ශාලාව වෙත ගිය ජනාධිපතිතුමා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර, පවුලේ ඥාතීන් වෙතත්, සහෘද පාක්ෂිකයන් වෙත සිය සාතිශය සංවේගය පළ කළේය.

    වමේ සමඟිය සහ ජාතික සමඟිය වෙනුවෙන් කැප වී කටයුතු කළ කේ.පී. සිල්වා මහතා වාමාංශික ව්‍යාපාරයේ නිර්ධන පන්තියෙන් බිහි වූ පළමු පක්ෂ නායකයා ලෙස සැලකේ. කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු වූ ඒ මහතා ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරයේ කැපී පෙනෙන නායකයෙක් විය.

    Latest News