අය-වැයෙන් ත්‍රිවිධ හමුදාවට විශේෂ වැඩපිළිවෙළක් (වීඩියෝ)

මාර් 09, 2019

    ආරක්‍ෂක අංශ සඳහා මෙවර අයවැයෙන් සුවිශේෂි සහන සැලසීමට පියවර ගෙන තිබේ.

    ත්‍රිවිධ හමුදාවේ දීමනා ගණනාවක් ඉහළ දමා ඇති අතර, එවැන්නක් සිදුවුයේ වසර 20කට පසුවයි. ඒ අනුව, කමාන්ඩෝ දීමනාව රුපියල් පන් දහසක් දක්වා වැඩි කිරීමට රජය තීරණය කර තිබේ.

    පොලිස් දෙපාර්තමේන්තුවේ දීමනා ඉකුත් වසර දෙකේ දී වැඩි කරනු ලැබුව ද, ත්‍රිවිධ හමුදාවන්හි ඇතැම් දීමනා වසර 20කට වැඩි කාලයකින් ඉහළ දමා නැත. ඒ අනුව, කමාන්ඩෝ දීමනාව, නිල ඇඳුම් දීමනාව, ගෙවල් කුලී දීමනාව සහ යහපත් පැවැත්මේ දීමනාව ජුලි පළමු දින සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබේ.

    ඉකුත් ජනවාරි මස ගෙවන ලද ගෙවල් කුලී දීමනාව සියයට-සියයකින් වැඩි කිරීමටයි තීරණය කර ඇත්තේ. බ්‍රිගේඩියර් සහ ඉන් පහළ නිලයන්හි රුපියල් 255ක් වූ නිල ඇඳුම් දීමනාව රුපියල් 600 දක්වා ඉහළ දැමීම තවත් යෝජනාවක්. කර්නල් සහ ඉන් පහළ නිල ඇඳුම් දීමනාව රුපියල් 525 දක්වාද, සෙසු නිලයන්හි නිල ඇඳුම් දීමනාව රුපියල් 170 සිට රුපියල් 350 දක්වා ද වැඩිකර තිබේ.

    මාසිකව රුපියල් දහසක් වූ කමාන්ඩෝ දීමනාව රුපියල් පන් දහස දක්වා වැඩි කෙරුණු අතර මෙය නාවික හා ගුවන් හමුදාවල සමාන නිලයන් සඳහා ද අදාළ වන බව අය-වැය යෝජනාවල සඳහන් වේ. ඒ අනුව, යුද හමුදාවේ ගෙවීම් සඳහා රුපියල් මිලියන 1175ක් වෙන් කිරීමට තීරණය කර තිබේ.

    Last modified on සෙනසුරාදා, 09 මාර්තු 2019 20:26

    Latest News