“සිරිකොත ගමට“ හෙට කළුතර (වීඩියෝ)

මාර් 09, 2019

    “සිරිකොත ගමට“ වැඩසටහන හෙට කළුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ වේ.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්‍ෂයේ මැති-ඇමතිවරුන් ඇතුළු ජනතා නියෝජිතයින් ඊට සහභාගිවීමට නියමිතයි. අගලවත්ත, පානදුර, හොරණ, කළුතර, මතුගම, බණ්ඩාරගම, බේරුවල හා බුලත්සිංහල යන මැතිවරණ කොට්ෆාස කේන්ද්‍ර කර ගනිමින් මෙය ක්‍රියාත්මකවේ.

    ඒ-ඒ මැතිවරණ කොට්ඨාස සඳහා සංවිධායක වරයෙකු පත්කර ඇති අතර, අමාත්‍යවරුන් රැසක් එම කටයුතු සම්බන්ධීකරණය කරනු ලැබේ.ජනතාවට වඩාත් සමීප වෙමින් එක්සත් ජාතික පක්‍ෂ රජයේ වර්තමාන මෙන්ම ඉදිරි දැක්ම පිලිබඳ ගෙයින්, ගෙට ගොස් ජනතාව දැනුවත් කිරීම සිදු කෙරේ. එහිදී ජනතාවට තම ගැටලු සෘජුවම ජනතා නියෝජිතයින් වෙත ඉදිරිපත් කළ හැක.

    Last modified on සෙනසුරාදා, 09 මාර්තු 2019 20:11

    Latest News