පාර්ලිමේන්තු කල්තැබී‍මේ විවාදයේ දෙවන දිනය අද

ජූනි 08, 2022

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ විශේෂ ප්‍රකාශය පිළිබඳ පාර්ලිමේන්තු කල්තැබී‍මේ විවාදයේ දෙවන දිනය අදයි.   

    පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට අද (08) කැඳවා ඇත්තේ, මොරටුව විශ්වවිද්‍යාලයයි. 

    ඊයේ (07) දිනයේ කෝප් කමිටුව හමුවට කැඳවා තිබුණේ නාගරික සංවර්ධන අධිකාරියේ ඉහළ නිලධාරීන් පිරිසක්.

    මේ අතර රාජ්‍ය ගිණුම් කාරක සභාව හමුවට අදත් රාජ්‍ය ආයතන කිහිපයක් කැඳවා ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

    Last modified on බදාදා, 08 ජූනි 2022 09:22

    Latest News