රණවිරුවන්ගේ ආත්මගරුත්වය රැකී ආණ්ඩුවක් - ඇමති ගයන්ත

මාර් 09, 2019

    රටට අනාගතයක් උදා කරන ඡන්ද දිනන, රටදිනන, මුළු මහත් සමාජයම දිනන, අයවැයක් ඉදිරිපත් කර තිබෙන බව ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය හා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා පවසයි. 

    අමාත්‍යවරයා අද (9) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, අයවැය දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමිනි.

    මේ අයවැය පුරා සුබ කාරණා රැසක් ඇතුළත් කර තිබෙනවා.මේ අයවැය මුළු මහත් ජන සමාජය වෙලාගත් තීක්ෂණ හ සූක්ෂම අයවැයක් ලෙස ප්‍රකාශ කරනවා.සමහර කියනවා ඡන්ද දිනන්න හදන අයවැයක් කියනවා. මෙය ඡන්ද දිනන රටදිනන මුළු මහත් සමාජයම දිනන අයවැයක් ඉදිරිපත් කර තිබෙන්නේ. සමහර අය මේවා සිහින හැටියට පෙන්වන්න හදනව. රාජ්‍ය සේවක වැටුප රුපියල් 10000කින් වැඩි කළා. නැවත රුපියල් 2500කින් වැඩි කෙරෙනවා.

    මෙය ජනතාවට දැනෙන අයවැයක්. බොහෝ දෙනෙකුට අමතක වෙලා 2015 රට බාරගන්නකොට කොහොමද තිබුණේ. ණය කන්දකට හිර කරලා තිබුණේ. ජී. එස්. පී. සහනය අහිමි වූ රටක් බාර ගත්තේ. ඉන්ධන සහනාධරය ඉල්ලුවම වෙඩි තියපු කාලයක් තිබුණා. බොන්න වතුර ඉල්ලුවම වෙඩි තියපු ආණ්ඩුවක් තිබුණා. මත්ස්‍ය තහනමේ තොන්ඩුවත් වැටිලා තිබුණා. අපි ඒවා ඉවත් කර ප්‍රතිලාභ අත් කරදෙන්න රජය සමත් වෙලා තිබෙනවා.

    සමහර නායකයෝ විදුලි පුටුවට යනවා කියලා පපුවට ගහගත්තා. අද වෙනකොට විදුලි පුටුව කියන වචනය දේශපාලන ශබ්දකෝෂයෙන් ඉවත් කිරීමට රජය කටයුතු කළා.එදා රණවිරුවන්ට සැළකූ හැටි දැක්කා. රණවිරුවන්ගේ ආත්මගරුත්වය පිණිස කටයුතු කළ ආණ්ඩුවක්. දීමනා ගැන බලපු අයවැයක් ඉදිරිපත් කිරීමට හැකි වුණා. රණවිරුවන් පෙන්වා දේශපාලන වාසි ගන්න රජය කටයුතු කර නෑ. පාසල් දරුවන් ගැන බලා තිබෙනවා. වසර 13ක් දක්වා පසල් අධ්‍යාපනය අනිවාර්ය කළ ආණ්ඩුවක්. ගම්පෙරළිය වැඩසටහන යථාර්ථයක් වී තිබෙනවා යැයි අමාත්‍යවරයා පැවසී ය

    Latest News