ප්‍රදේශ රැසකට මහ වැසි

මැයි 31, 2022

    අද (31) සිට ඉදිරි දින කිහිපයේදී, දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල පවතින වැසි තත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කෙරෙන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

    මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මි.මී.100ට වැඩි තද වැසි ඇති විය හැකි අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ ද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව සඳහන් කෙරේ.

    කාලගුණ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

    මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී. 40-45 ක පමණ තද සුළං ඇති විය හැකිය.

    Latest News