ගාලු මුවදොර විරෝධතාවට අදට දින 52යි...(වීඩියෝ)

මැයි 30, 2022
  • ගාලු මුවදොර ජනාධිපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන ජනතා උද්ඝෝෂණයේ 52 වැනි දිනය අදයි.

    ඊයේ රාත්‍රියේත් පිරිසක් සටන්පාඨ කියමින් උද්ඝෝෂණයේ යෙදී සිටියා. වරින්වර වැසි ඇඳ හැලුන ද, රාත්‍රිය වනතුරුත් කුඩා දරුවන් ඇතුළු උද්ඝෝෂකයින් අරගල භූමියේ රැඳී සිටි බවයි, අප වාර්තාකරු සඳහන් කළේ.

    මෙරට අතුරුදන්වූවන්ගේ දෙමාපියන් හා ඥාතීන් පිරිසක් ද අද පෙරවරුවේ අරගල භූමියට පැමිණ විරෝධතාවක නිරත වුණා. උද්ඝෝෂණයට පැමිණෙන ජනතාවට අවශ්‍ය ආහාර පාන එම ස්ථානයේදීම පිස බෙදාදීමේ වැඩසටහනක් ද සිදු කෙරෙනවා

    කෙසේ වෙතත්, අද දිවා කාලයේ අරගල භූමිය තරමක පාලු ස්වභාවයක් ගෙන තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ....

    Latest News