ඉන්ධන පෝලිම්වල අඩුවක්...(වීඩියෝ)

මැයි 29, 2022
  • ඉන්ධන පෝලිම්වල අඩුවක් මේ වනවිට දක්නට ලැබෙන බව අප වාර්තාකරුවන් පවසනවා.

    අමාත්‍ය කංචන විජේසේකර මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ, පවතින ඉන්ධන තොග සහ ලැබීමට නියමිත ඉන්ධන තොග ඉදිරි සති දෙක සඳහා ප්‍රමාණවත් බවයි.
    ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ලැබුණු ඩීසල් සහ පෙට්‍රල් නෞකා මෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ මැදිහත්වීම මත මිලදීගත් පෙට්‍රල් නෞකාවල තිබූ ඉන්ධන තොග මේ වනවිට ගොඩබා තිබීම ඉන්ධන පෝලිම් අඩුවීමට හේතුව බවයි අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළේ....

    Last modified on ඉරිදා, 29 මැයි 2022 13:40

    Latest News