උඩවලව ජලාශය වාන් දමයි

මාර් 08, 2019

    උඩවලව ජලාශයේ පෝෂක ප්‍රදේශවලට තද වැසී ලැබීමත් සමඟ ජලාශයේ ජල මට්ටම ඉහළ ගොස් තිබේ.

    ජලාශයේ ජල ධාරිතාවය අක්කර අඩි 217000කි. අද වනවිට ජලාශයේ ජල මට්ටම අක්කර අඩි 218160 දක්වා ඉහළ ගොස් ඇත. මේ හේතුවෙන් ජලාශයේ ජල මට්ටම පාලනය කිරීම සඳහා වාන් දොරටු 5න් එකක් විවෘත කර තිබේ.

    මෙමඟින් තත්පරයට ජලය ඝන අඩි 300 බැගින් ජලාශයේ ජලය වලවේ ගඟට මුදා හැරේ. වලවේ ගඟ දෙපස ජීවත්වන ජනතාව වලවේ ගඟේ ජලය පරිහරණය කිරීමේ දී ඉතා ප්‍රවේශම් වන ලෙස ඇඹිලිපිටිය මහවැලි අධිකාරියේ කාර්ය භාර ඉංජිනේරුවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී.

    Latest News