සතියකට ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 1500 ඉක්මවයි...(වීඩියෝ)

මැයි 26, 2022
  • මේ වනවිට සතියකට ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 1500 ඉක්මවා වාර්තා වන බව, ජාතික ඩෙංගු මර්දන ඒකකයේ විශේෂඥ වෛද්‍ය නිමල්කා පන්නිලහෙට්ටි මහත්මිය පවසනවා.

    ඇය ප්‍රකාශ කළේ, පසුගිය වසරට සාපේක්‍ෂව මරණ සංඛ්‍යාවේද ඉහළ යාමක් පෙන්නුම් කරන බවයි. රෝහල්ගත වීම ප්‍රමාදවීම ඊට හේතුවයි. මෙම වර්ෂයේදී ඩෙංගු රෝගීන් 22,800ක් වාර්තා වී තිබෙනවා. වැඩි වශයෙන් වාර්තා වුණේ, ගම්පහ, මහනුවර, ගාල්ල, මාතර, යාපනය ත්‍රිකුණාමලය සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවලින්. රෝගීන්ගෙන් 46%ක් වාර්තා වී ඇත්තේ, බස්නාහිර පළාත ආශ්‍රිතවයි.

    ඩෙංගු වෛරසයේ 2 සහ 3 කාණ්ඩ බහුල වශයෙන් මේ දිනවල පැතිර ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ කියා සිටිනවා. එක් කාණ්ඩයක් වැළඳුණු රෝගීයෙකුට තවත් කාණ්ඩයක් වැළඳීමේ අවදානමක් ද මතුවිය හැකියි. යම් පුද්ගලයෙකු ඩෙංගු රෝග ලක්‍ෂණ පෙන්නුම් කරන්නේ නම්, ඔහු හෝ ඇය ඉතා ඉක්මණින් ප්‍රතිකාර සඳහා යොමු විය යුතු බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ...

    Last modified on බ්‍රහස්පතින්දා, 26 මැයි 2022 18:52

    Latest News