කොල්ලුපිටියේ පිපිරීමකින් වෙළඳසැල් 11කට හානි

මාර් 08, 2019

    අද (08) අළුයම 12.30 ට පමණ කොල්ලුපිටිය පොලිස් වසමේ කොල්ලුපිටිය හන්දිය අසළ වෙළඳසැලක සිදුවූ පිපිරීමකින් වෙළදසැල් 11කට පමණ අලාභහානි සිදුවී ඇති අතර ඉන් වෙළඳසැල් 03කට දැඩි අලාභහානි සිදුවී ඇත.

    මෙම පිපිරීමෙන් චීන ජාතික යුවලක් හා වෙළඳසැල් හිමියන් දෙදෙනෙකු සුළු තුවාල ලබා ප්‍රතිකාර ලබාගෙන ඇති අතර එක් පුද්ගලයෙක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.

    කොල්ලුපිටිය පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිෂක්‍රීය අංශයේ නිලධාරීන් හා අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් විසින් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

    Last modified on සිකුරාදා, 08 මාර්තු 2019 12:49

    Latest News