අද(19) විදුලි කැපෙන්නේ මෙහෙමයි

මැයි 19, 2022

    අද (19) සහ ඉදිරි දින දෙක තුළ දිවයින පුරා පැය තුනකට අධික කාලයක් විදුලි කප්පාදුවක් සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

    ප්‍රධාන කලාප 04ක් යටතේ දහවල් කාලයේ පැය 02ක් සහ රාත්‍රී කාලයේ පැයයි මිනිත්තු 40ක කාලයක් ලෙස පැය පැය 03යි මිනිත්තු 40ක කාලයක් විදුලි කප්පාදුවක් සිදුවේ.

    ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා පෙරවරු 09.00 සිට පස්වරු 05.30 දක්වා පැය 02ක කාලයක් සහ පස්වරු 05.00 සිට රාත්‍රී 10.30 දක්වා පැය 01යි මිනිත්තු 40ක කාලයක් විදුලි කප්පාදුව සිදුවනු ඇත.

    කොළඹ නගරයේ වාණිජ කලාප සඳහා පෙරවරු 06.00 සිට පෙරවරු 09.20 දක්වා පැය 03ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතය.

    එමෙන්ම BOI කාර්මික කලාප සඳහා උදෑසන 05.00 සිට පෙරවරු 08.20 දක්වා කාලය තුළ පැය 03ක විදුලි කප්පාදුවක් සිදුකෙරෙන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේය.

    Demand-Management-Schedule-.jpg

     

    Latest News