කෘෂිකාර්මික කටයුතු සඳහා ඉන්ධන ලබා දීමේ නව සැලැස්මක්

මැයි 18, 2022

    උද්ගතව ඇති ඉන්ධන අර්බුදය සමග 2022 වසරේ යල කන්නයේ වගා වැඩ ආරම්භ කර තිබේ.

    වගා කටයුතු අඩපණ නොවී පවත්වාගෙන යාමට අවශ්‍ය ඉන්ධන කඩිනමින් ගොවීන්ට ලබා දීමට අතවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කේ.ඩී.එස්.රුවන් චන්ද්‍ර මහතා තීරණය කර ඇත.

    කෘෂිකාර්මික කටයුතු අතාවශ්‍ය සේවාවක් ලෙස නම් කරමින් වගා කටයුතු සඳහා යොදා ගනු ලබන යන්ත්‍ර හා වාහන සඳහා විධිමත් සැලැස්මක් අනුව ඉන්ධන ලබා දීමට නියමිතය. අත්‍යවශ්‍ය සේවා සඳහා ඉන්ධන නිකුත් කිරීමට සෑම දිස්ත්‍රික්කයකින්ම ඉන්ධන පිරවුම්හල් කිහිපයක් දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ නිර්දේශ මත තෝරාගෙන තිබේ.

    ගොවි සංවිධාන වෙතඅදාල කොට්ඨාසයේ ප්‍රාදේශීය ලේකම් විසින් සකස් කර ඇති සැලැස්මට අනුව ගොවීන්ට අවශ්‍ය ඉන්ධන ලබා ගන්නා ලෙස අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දෙයි.

    Latest News