කාන්තාවන්ට පමණක් වෙන්වු දුම්රිය මැදිරි අද සිට ධාවනයට

මාර් 08, 2019

    අද සිට කාන්තාවන්ට වෙන්වූ විශේෂ කාන්තා දුම්රිය මැදිරි යෙදවීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පියවර ගනී.


    මෙය ලෝක කාන්තා දිනයට සමගාමීව ක්‍රියාත්මකයි. කාන්තාවන්ට සිදුවන අසීරුතාවයන් ‍හා හිංසනයන්ගෙන් බේරා ගැනීම සඳහා මෙය ආරම්භ කර ඇත.

    ප්‍රථම අදියර යටතේ කාර්යාල දුම්රිය සඳහා කාන්තා මැදිරි යෙදවේ. ඉදිරියේදී අනෙකුත් දුම්රිය සඳහා කාන්තා මැදිරි යෙදවීමට තීරණය කර ඇති බව, ප්‍රවාහන අමාත්‍යංශය පවසයි. 

    ඒ අනුව අද උදෑසන 06.30 ට මීරිගම දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන  අංක 525 වන දුම්රියේත්, රඹුක්කන දුම්රිය ස්ථානයෙන් අළුයම 05.57ට කොළඹ කොටුව දක්වා ගමන් අරඹන දුම්රියේත්, මහව  දුම්රිය ස්ථානයෙන් අළුයම 4.45ට ගමන් අරඹන දුම්රියේත්, පුත්තලම දුම්රිය ස්ථානයෙන් අළුයම 04.30 ගල්කිස්ස බලා ගමන්  අරඹන දුම්රියේත්, සමුද්‍ර දේවී දුම්රියේත්, මාතර දුම්රිය ස්ථානයෙන් අළුයම 05.00ට මරදාන බලා ධාවනය වන දුම්රියෙත් මෙම කාන්තා දුම්රිය මැදිරි යෙදවීමට තීරණය කර තිබේ.

    Latest News