උණ්ඩියල් ක්‍රමයට මුදල් හුවමාරු කළ 3ක් දැලේ...

මැයි 15, 2022

    අමෙරිකානු ඩොලර් 47,000ක මුදලක් උණ්ඩියල් ක්‍රමයට විශුද්ධිකරණය කිරීමේ චෝදනාව යටතේ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඒ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින්. ලැබුණු තොරතුරකට අනුව, බොරලැස්ගමුව ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි, විශේෂ කාර්ය බලකාය සඳහන් කරන්නේ. 

    අමෙරිකානු ඩොලර් 47,000ක මුදලක් විශුද්ධීකරණය කිරීමේ වරදට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඊට ආධාර අනුබලදීමේ චෝදනා යටතේ සෙසු දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් වයස අවුරුදු 40 සහ 52 වයසේ පසුවන්නන්. සැකකරුවන්, වැඩිදුර පරීක්‍ෂණය සඳහා කිරුළපල නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයට බාරදී තිබෙනවා. එම ඩොලර්වල මෙරට වටිනාකම රුපියල් කෝටි දෙකකට ආසන්නයි.

    Latest News