නොරොච්චෝලේ ජනන යන්ත්‍ර ලබන 21 යළි ජාතික පද්ධතියට...(වීඩියෝ) 

මැයි 15, 2022
  • නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ පළමු අදියරේ ජනන යන්ත්‍ර ලබන 21 වැනිදා යළි ජාතික පද්ධතියට එක් කිරීමට සැලසුම් කර ඇතැයි, ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

    එහි මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෘ නවමනි මහතා කියා සිටියේ, අදාළ උපකරණ යථා තත්වයට පත් කෙරෙමින් පවතින බවයි. නොරොච්චෝලේ බලාගාර තුනෙන් පළමු බලාගාරයේ ඇති වූ සුළු දෝෂයක් හේතුවෙන් එහි කටයුතු පසුගිය දිනවලදී නවතා දැමුණා.

    Latest News