නව ජනමාධ්‍ය ඇමති ජාතික රූපවාහිනියට එයි (වීඩියෝ)

මාර් 07, 2019
  • කැබිනට් නොවන අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා අද උදේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට පැමිණියේය.

    ඔහු සිය ධූරයේ වැඩ බාර ගැනීමෙන් අනතුරුව ජාතික රූපවාහිනියට පැමිණි ප්‍රථම අවස්ථාව මෙයයි. ජාතික රූපවාහිනී පරිශ්‍රයට පැමිණි අමාත්‍යවරයා පිළිගනු ලැබුවේ, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද මහත්මිය ඇතුළු නිලධාරී මණ්ඩලයයි.

    රුවන් විජේවර්ධන මහතා, සභාපතිතුමිය, අධ්‍යක්‍ෂ ජනරාල් සාරංග විජයරරත්න ක්‍රියාකාරී අධ්‍යක්‍ෂ නාමල් විජේමුණි සොයිසා ඇතුළු නිලධාරීන් සමඟ සාකච්ජාවකට ද එක්වූහ. ඉන් අනතුරුව අමාත්‍යවරයා සියලු වෘත්තීය සමිති සමඟ සාකච්ජාවක නිරත වූ අතර, වෘත්තිමය ගැටලු සම්බන්ධයෙන් සිය අවධානය යොමු කළේය.
    ඉන් පසුව ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සමඟ සාකච්ජාවකට සහභාගි වූ අමාත්‍යවරයා අනතුරුව, සේවක සේවිකාවන් ඇමතීය.

    Last modified on සිකුරාදා, 08 මාර්තු 2019 13:40

    Latest News