රජයේ ''එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා'' ව්‍යාපෘතියට මහින්දගෙන් තල්ලුවක්

මාර් 07, 2019

    වත්මන් රජය ක්‍රියාත්මක කර ඇති ''එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ''වැඩසටහනෙන් ප්‍රගතියක් අත් කරගන්න පුළුවන් බව පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද අමරවීර මහතා පවසයි.

    එයට හොඳ කණ්ඩායම්, නිෂ්පාදකයන් තෝරාගෙන වැඩසටහන ක්‍රියාත්මක කළොත් රට දියුණු කරගන්න එය හේතුවක් වෙනවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා අද (07) පාර්ලිමේන්තුවේ දී පැවසි ය.

    ඔහු මේ බව සඳහන් කළේ, අයවැය දෙවැනිවර කියවීමේ විවාදයේ අඳහස් දක්වමිනි....

    අයවැයෙන් හොඳ මෙන්ම අඩුපාඩු පෙන්වා දීම අපේ යුතුකමක්. ගොවි ජනතාව වී මිල වැඩිවීමක් මේ අයවැයෙන් බලාපොරොත්තු වුණා. රටක් විදියට නඟී සිටීමට නම් ගොවියා සහ ධීවරයා ශක්තිමත් කළ යුතුයි. ගොවියා ධීවරයා සූදානමින් සිටිනවා නිෂ්පාදනය කරන්න. ධීවර ජනතාව විශාල කාර්යභාරයක් කරනවා. පසු අස්වනු හානි අවම කිරීමට ශීතාගාර සඳහා මුදල් වෙන් කිරීම පිළිබඳ රජයට ස්තූතිවන්ත වෙනවා. රට තුළ වගා කරන්න පුළුවන්. එය ආරම්භ කළ යුතුයි. හොඳ වැඩවලට අප සහයෝගය ලබාදෙනව. අප රටක් ලෙස කල්පනා කළ යුතුයි. රට වෙනුවෙන් සියලු තීරණ ගත යුතුයි. රට ඇතිවෙන්න ණය වෙලා තිබෙනවා.

    අපේ ධීවර ක්ෂේත්‍රයට විශාල ඉදිරියක් තිබෙනවා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යම් ප්‍රගතියක් අත් කරගන්න පුළුවන්. එයට අනවශ්‍ය දේශපාලන මැදිහත්වීමක් කර ගන්නේ නැතිව,හොඳ කණ්ඩායම්, නිෂ්පාදකයන් තෝරාගෙන වැඩසටහන ක්‍රියාත්මක කළොත් රට දියුණු කරගන්න එය හේතුවක් වෙනවා. සනීපාරක්ෂක කටයුතුවලට මුදල් වෙන් කිරීම හොඳ කටයුත්තක් බවද මහින්ද අමරවීර මහතා පැවසී ය.

    දිස්ත්‍රික් පරිපාලනය ශක්තිමත් කරන්න අවශ්‍ය පියවර ගෙන තිබෙන බවත් ග්‍රාමනිලධාරීන්ට හිමි දීමනා පහසුකම් සළසා තිබෙන බවත් අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා,පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අද (07) පාර්ලිමේන්තුවේ දී පැවසී ය. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් ස්ථාවර නියෝග යටතේ, ග්‍රාම නිලධාරීන්ගේ ගැටළු සම්බන්ධයෙන් අවධානය ලක් කළ ප්‍රකාශයට පිළිතුරු ලබාදෙමිනි.

    අමාත්‍ය වජිර අබේවර්ධන මහතා “කණගාටුදායක සිදුවීමක් වුණේ. සංගම් නවයෙක් එක් සංගමයක් විරෝධයට එක් වුණේ. ඉතුරු සංගම් අටම විරෝධය පළ කළා. දිස්ත්‍රික් පරිපාලනය ශක්තිමත් කරන්න අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.දිසාපති කාර්යාල නොමැති තැන්වල ස්ථාපිත කරනවා.ප්‍රාදේශිය ලේකම් කාර්යාල 365ක් කරලා අවසන් කරනවා. නිල සෙවණ කාර්යාල 14,000ම හදලා අවසන් කරනවා. දෙසැම්බර් මස පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අවසන් වෙනවා. ලංකාවේ 3000ක් පමණ නිල සෙවණ අවසන් කර තිබෙනවා. ග්‍රාම නිලධරිමූලික වැටුප 28940කින් අවසන් කරනවා.කාර්යාල දීමනා වැඩි කර තිබෙනවා. ලිපිද්‍රව්‍ය දීමනා අවශ්‍ය පහසුකම් සළසනවා. ගමන් වියදම් වැඩි කිරීමට යෝජනා කර තිබෙනවා.දේශපාලන පලිගැනීම සම්බන්ධ කාරනා සම්පූර්ණ අසත්‍යක්. එවැනි සිදුවීමක් සිදුවී ඇත්නම් එය නිවැරැදි කරන්න කටයුතු කරනවා. ග්‍රාම නිලධාරී විරෝධයට එක් වුණේ, වෘත්තීය සමිති නවයකින් එක් වෘත්තීය සමිතියක් පමණයි. මේ සේවාවට කළ ඛේදවාචකය අනෙක් වෘත්තීය සමිති හෙළා දකිනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය

    වත්මන් රජය ආර්ථික කළමනාකරණයත් විදෙස් ප්‍රතිපත්ති කළමනාකරණයත් සිදු කර තිබෙන බව සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. අමාත්‍යවරයා අද (7) පාර්ලිමේන්තුවේ දී අයවැය දෙවැනිවර කියවීමේ විවාදයේ දී අඳහස් දක්වමින් මේ බව පැවසී ය.

    මේ වසරේ බිලියන 5.9ක ණය ගෙවීමට තිබෙන බව කී අමාත්‍යවරයා පසුගිය රජය වසර දෙකක් තිබිය දී මැතිවරණයකට ගියේ ආර්ථිකය කළමනාකරණය කර ගැනීමට නොහැකි වූ නිසා පැවසී ය. පසුගිය රජය ක්‍රියාත්මක කළ ආදායම් නොමැති ව්‍යාපෘති නිසා ආර්ථිකය අර්බුදයකට ලක්විය.එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ බැංකු ක්‍රමය ගමට ගොස් ඇති බව කී අමාත්‍යවරයා,උසස් පෙළ සමත් සිසුන් සඳහා විදේශීය විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට ශිෂ්‍යත්ව ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම මෙවර අයවැයෙන් සිදු කර ඇතැයි ද අමාත්‍යවරයා පැවසී ය. තවද ලක්ෂ 10ක් පවුල් වෙත සනීපාරක්ෂක පහසුකම් වෙනුවෙන් මුදල් වෙන්කර ඇති බවද අමාත්‍යවරයා විවාදයට එක්වෙමින් පැවසී ය.

    Last modified on බ්‍රහස්පතින්දා, 07 මාර්තු 2019 20:00

    Latest News