‍පෙ.ව 6.00ට අවසන් වූ ඇදිරි නීතිය යළි ප.ව 2.00 සිට

මැයි 13, 2022

    දිවයිනට පනවා ඇති ඇදිරිනීතිය අද පෙරවරු 6.00ට ඉවත් කෙරිණ. යළිත් පස්වරු 2.00 සිට හෙට පෙරවරු 6.00 දක්වා දිවයින පුරා ඇදිරි නීතිය ක්‍රියාත්මක බවයි, ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

    ඒ අනුව, බලය ලබාදෙනු ලබන නිලධාරියෙකු විසින් ප්‍රධානය කරන ලද ලිඛිත අවසර පත්‍රයක අධිකාරය යටතේ මිස පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදු ක්‍රීඩා භූමියක හෝ වෙනත් පොදු භූමියක මෙන්ම එම ප්‍රදේශවල මුහුදු වෙරළේ රැදී සිටීමට කිසිවෙකුට අවසර හිමි නොවේ.

    මේ අතර, අද දිනයේ ද ඇදිරිනීතිය ඉවත් කළ කාල සීමාවේදී පොදු ප්‍රවාහන කටයුතු ක්‍රියාත්මකයි.

    ලංකා ගමනා ගමන මණ්ඩලය පැවසුවේ අද පස්වරු 2.00 දක්වා කෙටි ගමන් සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බවයි. අවශ්‍යතාවයක් මතුවුවහොත් අතිරේක බස් රථද ධාවනයට එක්කරන බවයි, ලංකා ගමනා ගමන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.

    Latest News