ශ්‍රී ලංකාවට ඉන්දියානු හමුදා එවීමට සූදානමක් නැහැ - ඉන්දීය මහ කොමසාරිස් කාර්යලය

මැයි 11, 2022

    ශ්‍රී ලංකාවට ඉන්දියානු හමුදා එවීමට සූදනමක් ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කරනවා.

    එවැනි ක්‍රියාමාර්ගයක් කිසිසේත් ඉන්දීය රජයේ ප්‍රතිපත්තිවලට අනුකූල නොවන බව මහ කොමසාරිස් කාර්යලය අවධාරණය කරනවා.

    ශ්‍රී ලංකාවට ඉන්දීය හමුදාව එවීම සම්බන්ධව සමාජ මාධ්‍ය ඔස්සේ වර්තා රැසක් පළ වනු දක්නට ලැබුනා. ඊට මූලික වශයෙන් හේතු වූයේ ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂ නියෝජිත ආචාර්ය සුභ්‍රමනියම් ස්වාමි තබා තිබූ ට්විටර් සටහනක්. එය ඉන්දියාවේ මෙන්ම ශ්‍රී ලංකවේ ද විවිධ පාර්ශව අතර පුළුල් සංවාදයක් බවට පත් වුනා.

    subra.JPG

    නමුත් කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසන්නේ ඉන්දීය හමුදා ශ්‍රී ලංකාවට එවීම පිළිබඳ වාර්තා ප්‍රතික්ෂේප කරන බවයි. ඒ පිළිබඳ සඳහන් කරමින් නිවේදනයක් මෙන්ම ටිවිටර් සටහන්ක් ද අද දහවල් නිකුත් කෙරුණා. ශ්‍රී ලංකවේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාවර භාවය හා ආර්ථික පුණර්ජීවනය සඳහා ඉන්දියාව කැපවී සිටින බවයි එරට විදේශ අමාත්‍යංශය ඊයේ නිවේදනය කළේ.

    Ind-high2.jpg

     

     

     

    Last modified on බදාදා, 11 මැයි 2022 12:30

    Latest News