කිසිදු දේශපාලනඥයෙකු ඉන්දියාවට පළාගොස් නැහැ - ඉන්දීය මහ කොමසාරිස් කාර්යලය

මැයි 11, 2022

    කිසිදු දේශපාලනඥයෙකු හෝ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ඉන්දීයාවට පළාගොස් නොමැති බව ශ්‍රී ලංකා ඉන්දීය මහ කොමසාරිස් කාර්යලය පවසයි.

    සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් එම කාර්යාලය මේ බව සඳහන් කර තිබේ.

    ඇතැම් දේශපාලනඥයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ඉන්දියාවට පළාගොස් ඇති බවට මේ වන විට ඇතැම් සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා පැතිර යන බව මහකොමසාරිස් කාර්යාලය පවසයි.

    එම ප්‍රකාශයක් අසත්‍ය සහ අතිශයින්ම සාවද්‍ය වන අතර සම්පූර්ණයෙන් පදනම් විරහිත බවද එවැනි පදනම් විරහිත ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බව ද එම ට්විටර් පණිවුඩය මඟින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

    Ind-high1.jpg

     

    Latest News