ගායන ශිල්පී වික්ටර් විජයන්ත දිවි සැරිය නිමා කරයි

මැයි 10, 2022

    ගායන ශීල්පී වික්ටර් විජයන්ත මහතා කැනඩාවේදී අභාවප්‍රාප්ත විය.ඔහු මියයන විට 77 වන වියෙහි පසුවිය.

    ඔහු 90 දශකයේ දී නිෂ්පාදනය වූ ජනප්‍රිය චිත්‍රපට ගීත බොහොමයකට ගායනයෙන් දායක විය.

    ප්‍රවීණ ගායිකා මායා දමයන්ති පෙරේරා මහත්මිගේ සැමියා වන ඔහු ජනප්‍රිය ගායිකා කුෂානි සඳරේඛා සහ නර්තන ශිල්පිණියක හා  නිළියක වූ සචිනි නිරාෂාගේ පියාණන්ය. 

    විජයන්ත මහතාගේ දේහය පිලිබද අවසන් කටයුතු කැනඩාවේ ඔටොවාහිදි සිදුකිරිමට නියමිතයි.

    Last modified on අඟහරුවාදා, 10 මැයි 2022 19:03

    Latest News