ප්‍රචණ්ඩක්‍රියාවලින් තොරව සන්සුන්වන්නැයි ජනපති, ජනතාවගෙන් ඉල්ලයි

මැයි 10, 2022

    ප්‍රචණ්ඩක්‍රියා හා පළි ගැනීම්වලින් තොරව සන්සුන්ව සිටින ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

    ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ. දේශපාලන පක්ෂ භේදයකින් තොරව සියළු ජන කොටස්වලට එරෙහි ප්‍රචණ්ඩකාරීත්වය හා පළි ගැනීම් වහා අවසන්විය යුතු බවයි, ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.

    දේශපාලන ස්ථාවරභාවය තහවුරු කිරීමට සෑම ක්‍රියා මාර්ගයක්ම අනුගමනය කරන බව ජනාධිපතිවරයා පවසයි.

    මෙම කාර්යභාරය සංවාදයෙන් හා ව්‍යවස්ථාමය වරමට අනුකූලව සිදුවන බවයි, ජනාධිපතිවරයා සඳහන් කරන්නේ. එමෙන්ම, ආර්ථික අර්බුදය විසඳීම සඳහා මූලික අවධානයක් යොමු කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කරයි.

    HE 900px 22 05 10

    Latest News