සියළු අධිකරණ විනිශ්චයකරවරුන්ගේ ආරක්ෂාව තර කරන ලෙස අග්‍රාමාත්‍යවරයාගෙන් පොලිස්පතිට උපදෙස්...

මැයි 07, 2022

    දිවයිනේ සියළු අධිකරණවල විනිශ්චයකරවරුන්ගේ ආරක්ෂාව වහාම තර කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පොලිස්පතිවරයාට උපදෙස් දී තිබෙනවා.

    අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසන්නේ සංවිධාන කිහිපයක් සිදුකළ ඉල්ලීමකට අනුව, මේ පියවර ගත් බවයි. ඒ් යටතේ කඩුවෙල මහේස්ත්‍රාත්වරියගේ ආරක්ෂාව ද සහතික කිරීමට පියවර ගෙන තිබෙනවා. කඩුවෙල මහේස්ත්‍රාත්වරියගේ නිල නිවසේ ආරක්ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් අධිකරණ සේවා සංවිධානය සිදුකර ඇති සන්නිවේදනය හා ඒ් පිළිබඳව යුක්තිය උදෙසා නීතීඥයෝ සංවිධානයේ නීතිඥවරුන් අග්‍රාමාත්‍යතුමාගේ අවධානයට යොමු කිරීමෙන් අනතුරුව රටපුරා සියළු අධිකරණවල විනිශ්චයකරුවන්ගේ ආරක්ෂාව තර කිරීමට පියවර ගැනුණා.

    Latest News