හිටපු අමාත්‍ය ඒ.ජේ. රණසිංහ අභාවප්‍රාප්ත වේ....

මැයි 04, 2022

    හිටපු ප්‍රවෘත්ති හා ගුවන්විදුලි රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ ඒ.ජේ. රණසිංහ මහතා අද අභාවප්‍රාප්ත විය.

    ඔහු මියයනවිට පසුවූයේ 96වැනි වියේ. කලක් රෝගාතුරව සිටි ඒ.ජේ. රණසිංහ මහතා මියගොස් ඇත්තේ අද උදේ සිය නිවසේදී ප්‍රතිකාර ලබමින් සිටියදී. 1927 වසරේ ජනවාරි 4වැනි දින ඒ මහතා උපත ලබාතිබුණේ, රත්නපුර මාදම්පේ ජයසුන්දර වලව්වේදී. මූලික අධ්‍යාපනය හදාරා ඇත්තේ රත්නපුර සීවලී මහා විද්‍යාලයෙන්.

    1989 සිට 1994 දක්වා එවක එක්සත් ජාතික පක්ෂ රජයේ ප්‍රවෘත්ති හා ගුවන් විදුලි රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඒ.ජේ. රණසිංහ මහතා, පසුව ජාතික ආධුනිකත්ව මණ්ඩලයේ සහකාර අධ්‍යක්ෂවරයෙකු ලෙස ද ක්‍රියා කර ඇත. කැනඩාවේ ශ්‍රී ලංකා තානාපතිවරයෙකු ලෙසද ඔහු සේවය ලබදී ඇති අතර, ටවර්හෝල් රඟහලේ පළමුවැනි අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වූයේද ඒ මහතායි.

    ඒ.ජේ. රණසිංහ මහතාගේ අවමංගල්‍යය හෙට සවස බොරැල්ල පොදු සුසානභූමියේදී සිදුකිරීමට නියමිතයි.

    Latest News