පසුගිය කාලයේ සිදුවූ බරපතල දූෂණ වංචා විභාග සිදු කිරිම සඳහා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ තුනක් ස්ථාපිත කිරීමට රජය තීරණය කරනු ලැබීය.
ඒ අනුව එහි පළමු මහාධිකරණයේ කටයුතු මේ වන විට ආරමේභ කර ඇත. දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ විනිසුරු මඬුල්ල ලෙස රත්නප්‍රිය ගුරුසිංහ, අමල් රණරාජා සහ ශෂි මහේන්ද්‍රන් පත් කිරීමට අගවිනිසුරුවරයා පසුගියදා පියවර ගනු ලැබුවේය.
ඒ අනුව දෙවන විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ කටයුතු ලබන 14 වන දින සිට ආරම්භ කිරිමට නියමිත අතර එහිදී පසුගිය කාලයේ සිදු වූ බරපතල මූල්‍ය දුෂණ වංචා විභාග කිරීමට නියමිතව ඇත.