රු.2500ක් වැඩිවීමෙන් රජයේ සේවකයින් සතුටින් (වීඩියෝ)

මාර් 06, 2019

    මෙවර අය-වැයෙන් සියලු රජයේ සේවකයින්ට රුපියල් 2,500ක දීමනාවක් ලබාදීම පිළිබඳ රජයේ සේවකයින්, ප්‍රසාදය පළ කරයි. මෙම දීමනාව ජූලි මස සිට වැටුපට එක් කිරීමට නියමිතයි.

    2015-2020 රාජ්‍ය සේවයේ මූලික වැටුප් වැඩිවීම අනුව, 2015 දී කාර්ය සහයක තනතුරේ වැටුප රුපියල් 11,730 වූ අතර, 2020 දී එය රුපියල් 24,250ක් දක්වා ඉහළ යනු ඇත. වැටුප් වැඩිවීම රුපියල් 12,520ක්. හෙද සේවයේ රුපියල් 15,620ක් වූ මූලික වැටුප 2020 දී රුපියල් 32,525ක් වේ. එහි වැටුප් වැඩිවීම රුපියල් 16,905ක්. උපාධිධාරී ගුරුවරයෙකුට රුපියල් 16,100ක් වූ වැටුප 2020 දී රුපියල් 33,300ක් වන අතර, එහි වැටුප් වැඩිවීම රුපියල් 17,200ක්. ලේකම්වරයෙකුගේ වැටුප 2015 දී රුපියල් 47,515ක් වූ අතර, 2020 දී එය රුපියල් 98,650ක්. එහි වැටුප් වැඩිවීම රුපියල් 51,135ක් වේ.

    රජයේ සේවකයින්ගේ අන්තර් කාලීන දීමනාව ගෙවීම සඳහා මෙවර අය-වැයෙන් වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 20,000ක්. වැටුප් වැඩි කරන ලෙස ඉල්ලමින් විවිධ වකවානුවලදී වෘත්තීය සමිති දැඩි අරගලයක ද නිරත විය.

    Last modified on බදාදා, 06 මාර්තු 2019 20:44

    Latest News