අද වැස්ස වැඩි වෙයි

අප්‍රේ 22, 2022

    අද(22) දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.



    එසේම බස්නාහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදීද වැසි ඇතිවිය හැකිය.

    තවද මධ්‍යම, සබරගමුව, ඌව, උතුරු-මැද සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකිය.

    දිවයිනේ සෙසු ප්‍රදේශවලද මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවද එම නිවේදනයේ සඳහන් කර ඇත.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

    Last modified on සිකුරාදා, 22 අප්‍රේල් 2022 08:53

    Latest News