නව කැබිනට් මණ්ඩලයේ තනතුරු බාර නොගන්නා බව, හිටපු අමාත්‍යවරුන් දෙදෙනා කියයි

අප්‍රේ 17, 2022

    ඉදිරියේදි පත්කිරිමට නියමිත කැබිනට් මණ්ඩලයේ තනතුරු බාර නොගන්නා බව ඩලස් අලහප්පෙරුම සහ සරත් වීරසේකර යන හිටපු අමාත්‍යවරුන් පවසනවා.

    සමාජ මාධ්‍ය ඔස්සේ ඔවුන් මේ බව නිවේදනය කර තිබෙනවා. හිටපු ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ට්ව්ටර් පණිවුයක් නිකුත් කරමින් කියා සිටින්නේ තමා කැබිනට් අමාත්‍ය ධූරයක් බාර නොගන්නා බවයි. පවතින වාතාවරණයට විසඳුම පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එක්වූ රජයක් පිහිටුවීම බව ඔහුගේ ස්ථාවරයයි. තමා හදවතින්ම ප්‍රාර්ථනා කරන්නේ, තරුණයන්ගෙන් සමන්විත ශක්තිමත් කැබිනට් මණ්ඩලයක් පත්වීම බව ඩලස් අලහප්පෙරුම මහතා සිය ට්විටර් පණිවුඩයේ සඳහන් කරනවා.

    හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ද සිය ෆේස් බුක් පිටුවේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ පවතින වත්මන් අර්බුදය හේතු කොට ගෙන නව කැබිනට් මණ්ඩලයේ කිසිදු තනතුරක් බාර නොගන්නා බවයි.

    Latest News