සාමකාමී විරෝධතාකරුවන් වෙත හමුදා බලය අයුතු ලෙස යොදා ගැනීමේ කිසිදු සූදානමක් නැහැ; ආරක්‍ෂක ලේකම්

අප්‍රේ 17, 2022

    සාමකාමී විරෝධතාකරුවන් වෙත හමුදා බලය අයුතු ලෙස යොදා ගැනීමේ කිසිදු සූදානමක් නැතැයි, ආරක්‍ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා.

    ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සිය මුහුණු පොතෙහි තබා තිබූ සටහනක් සම්බන්ධව ප්‍රතිචාර දක්වමින් ආරක්‍ෂක අමාත්‍යාංශය අද නිකුත් කළ මාධ්‍ය නිවේදනයක මේ බව සඳහන්.

    ප්‍රචණ්ඩකාරී අවස්ථාවකදී දේශයේ ආරක්‍ෂාව වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්‍ෂා කිරීමට සහ සියලු ශ්‍රී ලාංකිකයන් අතර සාමය හා සහජීවනය ඇති කිරීමට පොලිසිය සහය ඉල්ලා සිටින අවස්ථාවකදී පමණක් හමුදා සහය ලබාදෙන බව, ආරක්‍ෂක අමාත්‍යාංශය පවසනවා.

    සාමකාමී ලෙස විරෝධතාවයේ යෙදෙන පිරිස් අතරට බුද්ධි අංශ සාමාජිකයින් යවා ඔවුන් මගින් යම් කලහකාරි තත්වයක් හෝ බෝම්බ පිපිරීමක් වැනි දෙයක් සිදුකර එය හුවාදක්වමින් විරෝධතාව විසුරුවා හැරීමට ත්‍රිවිධ හමුදාව යොදා ගැනීමේ අදහසක් ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු සංසරණය වනවා. එම තොරතුරුවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව, පවසන ආරක්‍ෂක ලේකම්වරයා පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව රටට සහ ජනතාවට ආදරය කරන සදාචාරාත්මක හමුදාවක් බවයි.

    රිවිධ හමුදාපතිවරුන් සමඟ රටේ නීතිය, සාමය සහ ජනතාව ආරක‍්ෂා කිරීමටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කටයුතු කිරීමටත් වගකීමෙන් යුතුව ක්‍රියාකරන බව, ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න මහතා මාධ්‍ය නිවේදනයෙන් අවධාරණය කරනවා.

    Latest News