මිරිහාන සිද්ධියේ සැකකරුවන් සෙවීමට මහජන සහය පතයි

අප්‍රේ 09, 2022
    මිරිහාන පොලිස් වසමේ පරණ කොට්ටාව පාර පැඟිරිවත්ත පාර මංසන්ධියේ දී මාර්තු මස 31 වැනිදා කලහකාරී ලෙස හැසිරෙමින් පොදු දේපලවලට අලාභ හානි සිදුකර ඒ අසල වූ බස් රථවලට සහ වෙනත් වාහනවලට ගිනි තබා අනර්ථයන් සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත් අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ද මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇතැයි පොලිසිය සදහන් කරයි.
    පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, අදාළ අපරාධමය සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජන සහාය පතන බවයි.
    එම අවස්ථාවේ ලබාගත් සී.සී.ටී.වී. දර්ශන ඇසුරින් බස් රථ ගිනි තබන ලද පුද්ගලයෙකුගේ රුවට සමාන වන පරිදි අඳින ලද සිතුවමක් ද පොලීසිය විසින් මාධ්‍ය වෙත මුදා හැර ඇත.
    එම සැකකරු ගැන යම් තොරතුරක් වෙතොත් පහත සදහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි. 
    විමර්ශන භාර පොලිස් අධිකාරි  - 071-8591755
    ස්ථානාධිපති, ඩිජිටල් වෝහාරික අංශය - 071-8594929
    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව - 011-2444265

    Latest News