ඕනෑම මගියෙකුට රටින් බැහැර විය හැක්කේ, පිළිගත් නීතිවලට යටත්වයි

අප්‍රේ 07, 2022

    කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් ඇතැම් මගීන් සහ ප්‍රභූවරුන් පිටත්වීමේ ක්‍රියා පටියාටිය පිළිබඳව ජනතාව නොමඟ යවන අයුරින් විවිධ පුවත් පළවී ඇති බව ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම පවසනවා.

    රටින් බැහැරවීමේදී පිළිගත් නීති-රීති අනුව එම ගමන් පහසුකම් සලසා ගතයුතු බවයි, සමාගම අවධාරණය කරන්නේ. ගුවන් ගමනක් පිටත්වීම සඳහා නීත්‍යානුකූලව හිමිකම් ලබන ඕනෑම ලාංකිකයෙකුට එම පහසුකම් සලසා ගැනීමට ගුවන් තොටුපලේ දී අවස්ථාව සැලසෙනවා. කිසියම් ගුවන් මගියෙකු රටින් පිටත්වීම වැළැක්වීම සඳහා අධිකරණ නියෝගයක් ලබාදී ඇත්නම්, එවැනි මගියෙකුට රටින් බැහැර විය නොහැකියි.

    විවිධ සමාජ මාධ්‍ය, කටකතා සහ අනෙකුත් මාධ්‍ය මගින් පළවන ආකාරයේ ගුවන් තොටුපල තුළ ආරක්‍ෂක කැමරා පද්ධති වෙනස් කිරීම, ක්‍රියා විරහිත කිරීම හෝ කිසිදු ආරක්‍ෂක ක්‍රියා පටිපාටියක් පුද්ගල අවශ්‍යතා මත ලිහිල් කිරීමට කටයුතු කර නොමැති බව ද සමාගම අවධාරණය කරනවා. එම නිසා සියලුම සාවද්‍ය ප්‍රකාශ හා චෝදනා තරයේ ප්‍රතික්‍ෂේප කරන බවයි, ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම පවසන්නේ.

    Latest News