කල් දැමුණු දහම් පාසල් විභාගය පැවැත්වෙයි

අප්‍රේ 07, 2022

    පසුගිය අප්‍රේල් මස 03වැනි දින දහම් පාසල් ශ්‍රේණි විභාගය පැවැත්වීමට නියමිතව තිබුනද ඇඳිරිනීතිය පැනවීම හේතුවෙන් එය කල්දමනු ලැබීය.

    එසේ කල් දැමුණු දහම් පාසල් ශ්‍රේණි විභාගය 24වැනි ඉරුදින පැවැත්වීමට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

    ඒ සම්බන්ධයෙන් සියලු ශාසනාරක්ෂක බලමණ්ඩල දැනුවත් කර ඇති බවයි, බෞද්ධ කටයුතු කොමසාරිස් සුනන්ද කාරියප්පෙරුම මහතා සඳහන් කළේ.

    Latest News