දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි...

අප්‍රේ 05, 2022

    දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව, වයඹ, උතුරු මැද යන පළාත් හා ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වල මිලිමීටර් 100 ට වැඩි තද වැසි හටගතහැකි බව කාලගුණ නිවේදනයේ සඳහන්. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං හා අකුණු මගින් ඇතිවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

    දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී අද (05) සිට ලබන 15 දක්වා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට ඍජුවම ඉහළින් පවතිනු ඇති. හෙට දහවල් 12.13ට වැලිපන්න, මොරගල, වැද්දාගල, දොලේකන්ද. පල්ලේබැද්ද, අඟුණකොළපැලැස්ස සහ මහිරාව යන ප්‍රදේශවලට හිරු මුදුන්වනු ඇති බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    Latest News