"ඉසෙඩ් ඩී" ඇළට වැටුණු වන අලියා ගොඩට...(වීඩියෝ)

අප්‍රේ 04, 2022
  • කාසන් වැවේ සිට වැලිකන්ද ප්‍රදේශයට ජලය ගෙන යන ඉසෙඩ් ඩී ඇළට ඇඳ වැටුණු වන අලියෙකු බේරා ගැනුණා.

    ඒ, වැලිකන්ද වනජීවි නිලධාරින් කල පැය 12ක මෙහෙයුමකින් පසුවයි. වැලිකන්ද-මෛත්‍රීගම ගම්මානයෙන් වන අලි තිදෙනෙකු ඊයේ උදේ ඉසෙඩ් ඩී ඇළට ඇඳ වැටී ඇති අතර, ඉන් දෙදෙනෙකු ඇලෙන් ගොඩ වී කාලංගවිල රක්‍ෂිතයට පලාගොස් තිබෙනවා. ගොඩ ඒමට නොහැකි වූ වන අලියා වනජීවි නිලධාරින් හා ගම්වාසීන් එක්ව බේරා ගත්තා. මෙම අලියා ද කාලිංගවිල රක්‍ෂිතයට පලවා හැරුණා.

    Latest News